Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති නාමල් පිරිවෙන් වලටත් අත තියයි

මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතට පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළත් කර පිරිවෙන් 300 ක් සඳහා ටැබ් පරිගණක 10 බැගින් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන්වහන්සේලාගේ හා සිසුන්ගේ අධ්‍යාපනික හා විෂය සමගාමි ක්‍රියාකාරකම් සාර්ථක ව පවත්වාගෙන යාම සඳහා මේ දිනවල අත්‍යවශ්‍ය වන අන්තර්ජාල හා තාක්ෂණික පහසුකම් සැලසීම විධිමත්කිරීම සම්බන්ධයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

උද්ගතව ඇති කොරෝනා වසංගත රෝග ව්‍යාප්තියත් සමග ම පාසල් අධ්‍යාපනය මෙන්ම පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන්වහන්සේලාගේ හා සිසුන්ගේ අධ්‍යාපනික අවස්ථා සුරක්ෂිත කිරීමේ අභියෝගය ජයගැනීම  ප්‍රමුඛතම අවශ්‍යතාවක් වී තිබෙනවා.

පිරිවෙන්වල අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමවේදයන්ට අනුව පවත්වාගෙන යාමේදී ඇතැම් පිරිවෙන්වලට දුරකථන සමාගම්වලින් සැපයෙන  3G – 4G සංඥා ආවරණය දුර්වලවීමේ ගැටලුව පිළිබඳත් මෙහිදී අවධානයට යොමුව තිබෙනවා.

දිවයින පුරා මාර්ගගත අධ්‍යාපනය ලබන බොහෝදෙනාට එම ගැටලුව පැන නැගී තිබෙන අතර ඒ සඳහා දැනට දුරකථන සංඥා ආවරණය හොඳින් ලැබෙන ප්‍රදේශවල පිහිටි පිරිවෙන්වල  ඊ – තක්සලාව මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කර දුරකථන සංඥා දුර්වල පිරිවෙන්වල භික්ෂූන්වහන්සේලා හා සිසුන් ඒ සදහා යොමු කර මාර්ගගත අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. 

එසේම ඉදිරි වසර දෙක තුළ ඒ සඳහා ස්ථීර විසදුම් ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බවත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

About The Author