රජය විසින් වාහන 399 ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය ඒක පාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි යැයි ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
ඒ සඳහා මේ වන විට ණයවර ලිපි පවා ලංකා බැංකුව විසින් විවෘත කර ඇති බවද පැවසූ ගිවිසුම ඒක පාර්ශ්විකව අවලංගු කළහොත් ලංකා බැංකුව අසාදු ලේඛන ගත විය හැකි බව ද පිළිගත්තේය.
ඒ අනුව අදල වාහන ලංකාවට ගෙන එන බවත් නමුත් මේ වන විට සිදු කර ඇත්තේ අදාළ වැඩ පිළිවෙල කල්දැමීම පමණක් බවයි ඔහු සඳහන් කළේ.
හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමින් වැඩි දුරටත් අදහස් පළකළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ රටට අමාරු මොහොතක් පැමිණීමට පෙර වාහන ආනයනය පිලිබඳ තීරණය ගෙන තිබු බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට