වහාම රටපුරා ඇඳිරිනිතිය පැනවුවහොත් ඉදිරි දින 20 තුල සිදුවන කොරෝනා මරණ වලින් 1200 ක් පමණ වලක්වා ගන්නට හැකි වනු ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා නැවත වතාවක් විශේෂ සටහනක් තම ට්විටර් ගිණුමේ තබමින් සිහිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කොවිඩ් පුනරාකථන මොඩලයෙහි ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කරන ආකාරයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පැනවීමක් සිදු කලහොත් ඉදිරි දින 20 තුල සිදුවන කොරෝනා මරණ 1200 ක් පමණ වලක්වා ගන්නට හැකි වනු ඇති බවත්, එම තීරණය ගන්නට තව දින 5 ක් පමා කලහොත් අවම වශයෙන් කොරෝනා මරණ 700 ක් පමණ සිදුවනු ඇති බවත් සඳහන් කර තිබෙනවා.
“එම තීරණය කඩිනමින් නොගත්තොත් ඒවා කොරෝනා මරණ නෙවෙයි. ‘මනුෂ්‍ය ඝාතන’ හැටියට තමයි සලකන්න වෙන්නේ.” මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සිය ට්විටර් පනිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කොවිඩ් පුනරාකථන වෙබ් අඩවියට https://slcovidmodel.com හරහා පිවිසෙන්න.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට