ජනාධිපතිටත් පණිවිඩයක් දෙයි : රත්න හිමිටත් දෙයක් කියයි
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් සහ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ගලගොඩ අත්තේ ඥාණසාර ස්වාමින්වහන්සේ විසින් භික්ෂූන් වහන්සේ නමකට පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අදහස් පළ කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බවයි.
ඇඟපත තිබූ පමණින් එසේ හැසිරීම සුදුසු නොවන බව ද පවසන ද සිල්වා මහතා ඕනෑම අවස්ථාවක තපෝ වනයේ රතන හිමියන් වෙනුවෙන් තමන් ඉදිරිපත් වන බවත් පවසනවා.
ගලගොඩඅත්තේ හිමියන් පරුෂ වචනයෙන් බැන වදින විටත් ඉවසීමෙන් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් තමන් රත්න හිමියන්ට නමස්කරපුර්වක ස්තුතිය පලකරන බවද සඳහන් කළා.
මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පණිවිඩයක් ලබා දුන්නා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට