පෝලිමක දී දරු ප්‍රසූතිය සිදු වූ අවස්ථාවක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
මෙම සිදුවීම අද පෙරවරුවේ සිදුව තිබෙන්නේ බත්තරමුල්ල ආගමන දෙපාර්තමේන්තුවේ ඇති පෝලිම තුලයි.
හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් මෙසේ සිය දරුවා ප්‍රසුත කර තිබුණා.
ඇය පෝලිමේ ප්‍රසූත වේදනාවෙන් සිටියදී හමුදා සෙබළුන් විසින් ඇය කාසල් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති නමුත් ඒ වන විටත් දරුවා ප්‍රසූත වී තිබූ බවයි වාර්තා වන්නේ.
දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට