Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව රටේ සම්පත් එක දිගට විකුණයි : ගිවිසුම් තොරතුරු ජනතාවට ලබාදීම ප්‍රතික්ෂේප කරයි

යුගදනවි බලාගාර ගිවිසුම රටට වසන් කරයි : තොරතුරු දෙන්න බෑ කියයි

පැහැදිලිව ප්‍රසිද්ධියට පත්කර තිබූ MCC ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඇමරිකාවට රට විකුණා දැමීමට යහපාලන රජය කටයුතු කරන බව පවසමින් බලය ලබාගත් ආණ්ඩුව මේ වන විට ඇමරිකාව සමඟ රහස් ගිවිසුම් කිහිපයකට එළැඹ ඇති බව හෙළිව තිබෙනවා.

මෙරට බලශක්ති ඒකාධිකාරී බලය පවා වෙනත් මට හිමි වන ආකාරය ගිවිසුම් කිහිපයකට ආණ්ඩුව අත්සන් තබා ඇති බවට වාර්තා වන පසුබිමක එම ගිවිසුම් රටේ ජනතාව පමණක් නොව ජනතාවගේ පරමාධිපත්‍ය බලය නියෝජනය කරන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම නීති විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්.

මහත් ආන්දෝලනයට ලක්වූ යුගදනවි බලාගාරය ඇමරිකාවට විකුණා දැමීම සම්බන්ධයෙන් වන ගිවිසුම සම්බන්ධ තොරතුරු පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස විපක්ෂයේ අවස්ථාවකදී ඉල්ලීම් සිදු කරනු ලැබූ අතර ආණ්ඩුව විසින් තොරතුරු ලබා දීම විවිධ කරුණු ඉදිරිපත් කරමින් මඟ හැරඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ද අදාළ ගිවිසුම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට විපක්ෂය උත්සාහ දරා තිබෙනවා.

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසන්නේ ඇමෙරිකානු සමාගමකට යුගදනව් බලාගාරය කොටස් පැවරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මෙය තොරතුරු දැනගැනීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ද ඔහු සඳහන් කළේ ය.

එම ගිවිසුමේ පිටපතක් ලබාදෙන්නැයි ලිඛිතව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබියදී එය එක එල්ලේ ම ප්‍රතික්ෂේප කළ බවද ඔහු පෙන්වා දෙනවා.

About The Author