Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව ජනපති විධානයෙන් දාන පාරමිතාව පිරීමට සැරසෙයි

එළවලු පළතුරු ජනතාවට නොමිලයේ බෙදා හැරීමේ වැඩ පිළිවෙලක්

සංචරණ සීමා පැවතීමත් සමඟ අර්බුදයට ලක්ව ඇති ඇතැම් ගොවීන්ගේ අස්වැන්න මිලදී ගෙන එම අස්වැන්න මහජනතාවට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කර ඇති පැපොල්, කෙසෙල්, මඤ්ඤොක්කා, පළතුරු, එළවළු අස්වනු නෙලා ගත්ත ද ඒවා බෙදා හැරීම සඳහා ගැණුම්කරුවන්ට පැමිණීමට ඇති අපහසුව සලකා ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනතාවට මෙන්ම කොරෝනා වසංගතය මැඬ පැවැත්වීම සඳහා කැපවී සිටින සෞඛ්‍ය, ආරක්ෂක ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩලවලට එම අස්වැන්න නොමිලේ බෙදාදීමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ගොවියෝ සහ වෙළඳුන් අදත් නන්නත්තාර යි

කෙසේ වෙතත් අද (03) දිනයේ ද දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවලු සහ පළතුරු තොග කිලෝ දහස් ගණනක් අළෙවි කර ගත නොහැකි වීමෙන් ගොවීන් සහ වෙළඳුන් දැඩි අර්බුධයකට මුහුණ දුන් බවයි වාර්තාවන්නේ.

පවතින තත්වය හේතුවෙන් ඔවුන්ට සිදුව තිබෙන්නේ තම අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් විනාශ වී යන්නට දී බලා සිටීම පමණක් බවයි අදාළ ප්‍රදේශ වල අප වාර්තාකරුවන් සඳහන් කළේ.

About The Author