Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ වෙනම කෑල්ලක් වෙනම සමුළුවක : මුළු රටම හරි මගට ගන්නා විදිය කීමට සැරසෙයි

ආණ්ඩුවේ අභ්‍යන්තරය සීතල වෙයි

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ විසින් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතහැර විශේෂ සමුළුවක් පැවැත්වීම සඳහා සියලු කටයුතු කරමින් සිටිනවා.

ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම 2022 මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතයි.

ආර්ථික අර්බුධයෙන් රට ගොඩ ගැනීම පිළිබඳ සහ රටේ වත්මන් අර්බුධය පිළිබඳ විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා මෙම සමුළුව පවත්වන බවයි පවසන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින් පවා අවසාන මොහොත වන තෙක් නොදැන සිටි බවයි පැවසෙන්නේ.

ආණ්ඩුවේ පාර්ශවකරුවන් අතර තිබෙන මත ගැටුම් හමුවේ මෙම සමුළුව පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත්ව ඇති අතර ඇතැමුන් පවසන්නේ මෙම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී වෙනම දේශපාලන මගකට අවතීරණ වීම සංධ තබන මුල් ප්‍රධාන පියවරක් ලෙස මෙය යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු විශාල පිරිසකට මේ වන විටත් අයදුම් කර තිබෙනවා.

About The Author