අනතුරක් වන්නට නොදී අලියා මෙල්ල කර ගනී
ඊයේ පැවති මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහරට සහභාගි වූ ඇතෙකු කුලප්පු වී තිබෙනවා.
ඒ හේතුවෙන් පෙරහරට සහභාගි වූ නර්තන ශිල්පීන් ඇතුළු පිරිස දිවයන අයුරුද දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.
සිදුවීමෙන් කිසිවකුට හානියක් සිදු වී නොමැති අතර ඇත්ගොව්වන් විසින් අදාළ හස්තියා මෙල්ල කරගන්නා ආකාරයත් පසුව අසල මාර්ගයේ ඇති කණුවක් එම සත්වයා බැඳ දමන ආකාරයත් එම වීඩියෝවේ දැක්වෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ දෙනෙකු පවසන්නේ මෙය අසුභ ලකුණක් බවයි.
නමුත් ඇතැමුන් පෙන්වා දෙන්නේ පෙරහරකදී අලි ඇතුන් කුලප්පු වීම හෝ කලහකාරීව හැසිරීම හෝ සාමාන්‍ය දෙයක් බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට