ස්පාඤ්ඤ මාධ්‍යවේදීන් දෙදෙනෙකු සමඟ බුර්කිනා ෆාසෝහි සැඟවී සිටියෙ දී මිය ගිය අයර්ලන්ත පුරවැසියෙකු වන රෝරි යන්ග්ගේ දේහය නැවත නෙදර්ලන්තයේ පිහිටි සිය නිවසට ගෙනවිත් තිබේ.
ස්පාඤ්ඤයේ අයර්ලන්ත තානාපතිවරයා වන සෙල් මැගුවර්, මැඩ්රිඩ් ගුවන් කඳවුරේ සිට යන්ග් මහතාගේ දේහය භාර ගත්තේ ය. ඒ සමඟ මාධ්‍යවේදීන් දෙදෙනා වූ ඩේවිඩ් බෙරේන් සහ රොබර්ටෝ ෆ්රේල්ගේ දේහයන් ද විය.
සැම්බියාවේ උපත ලැබ, වන සතුන් දඩයම් කිරීම වෙනුවෙන් දැඩි විරෝධතාවක් දියත් කළ පුද්ගලයෙකු වූ රෝරි යන්ග් මහතා ජනප්‍රිය පරිසරවේදියෙකු ව සිටියේ ය. ඔහු මෙම ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනා සමඟ බටහිර අප්‍රිකානු රටෙහි සංචාරය කරමින් සිටිය දී, පසුගිය සඳුදා දින අල්කයිඩා සංවිධානයට අනුබද්ධ ඉස්ලාමීය සටන්කාමීන් විසින් ඝාතනය කරන ලදී.
මිය යන විට යන්ග් මහතා ආර්ලි ජාතික වනෝද්‍යානයේ, චෙන්ගෙටා වනජීවී කණ්ඩායමේ, ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් සිටියේ ය.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර