Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අරින කටවල් වහන්න ගොස් බත් කන කටවලුත් ඇරගන්නා ලකුණු

රුපියල් 200 ටත් හාල් කන්න බැරි වෙන හැටි කෘෂි ඇමති හෙළි කරයි

වී කිලෝවක් රුපියල් 100 කට මිලදී ගන්න බව නිල වශයෙන් කියයි

කාබනික වී ගොවීයන්ගේ වී කිලෝව රු.100 බැගින් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් නාඩු වී කිලෝව රුපියල් 80ක් ද සම්බා වී කිලෝව රු.100ක් හා කිරී සම්බා වී කිලෝව රු.125කට මිලදී ගැනීමට ව්‍යාපාරකයින් පෙළඹි සිටින බවයි.

“මේ දිනවල දිවයින පුරාම  ගොවී උද්ඝෝෂණ පැවැත්වෙනවා. හැබැයි ඒ උද්ඝෝෂණවල ඉන්නේ නියම ගොවියෝ නෙමෙයි කියලායි මම විශ්වාස කරන්නේ. කෘෂිකර්ම ඇමතිවරයාගේ පඹයෝ හදලා ඒවා පුච්චනවා. කෘෂිකර්ම අමාත්‍යවරයාට පහර දෙනවා.

නමුත් ගොවියන්ට අමතකයි ඉතිහාසයේ පළවෙනි වතාවට වී කිලෝවකට රු.80ක් ලැබෙන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ කාලේ කියලා.  මම ගොවීන්ගෙන් ඉල්ලන්නේ එකම දෙයයි.

ඔබ බය වෙන්න එපා. ඔබට පොහොර රජයෙන් දෙනවා. ඔබේ නිෂ්පාදන රජය මිලදී ගන්න සූදානමින් ඉන්නවා . ඒ වගේම කාබනික වගාවෙන් ගොවිතැන පාඩු වුණොත් ඒ පාඩුව රජයෙන් ගෙවනවා. ඒ රජයේ සහතිකය ගැන විශ්වාස කරලා ඔ‍බ ඔබේ ගොවිතැනට යොමු වෙන්න කියලා මම ඉල්ලනවා” යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

පාරිභෝගික ජනතාව කබලෙන් ලිපට

මෙරට ගොවි ජනතාව ඇතුළුව වැඩිපුර සිටින්නේ සහල් පරිභෝජනය කරන ජනතාව හෙවත් බත් කන ජනතාවයි.

පවතින තත්වය අනුව සහල් කිලෝවක් රුපියල් 100 සහ 130 අතර මිලකට මිල නියම වුවහොත් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවනු ඇති.

වර්තමානයේ සහල් කිලෝවක් රුපියල් 120 සහ 160 අතර මිලකට අළෙවි වන්නේ රජය විසින් රුපියල් 50ක මිලකට සහල් මිලදී ගෙන ඇති පසු බිමකයි.

එමෙන්ම සහල් සඳහා පාලන මිලක් ද දැන් පවතින්නේ නැහැ.

මේ වන විට සහල් මිල තීරණය කරන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ ව්‍යාපාරිකයින් විසින්.

මෙම තත්ත්වය තුළ සහල් කිලෝවක අවම මිල රුපියල් දෙසීය ද ඉක්මවා යනු ඇති.

රසායනික පොහොර භාවිතය නවතා දැමීම හේතුවෙන් මේ වන විට විශාල ආහාර හිඟයක් ද නිර්මාණය වී තිබෙනවා.

ආණ්ඩුව පවසන්නේ සහල් හිඟයක් ඇති වුවහොත් අවශ්‍ය ප්‍රමාණයට පිටරටින් සහල් ආනයනය කරන බවයි.

ආනයනය කරන සහල් වල පිළිකා කාරක

මෙරට ජනතාව තුළ වකුගඩු රෝග ඇතිවීම සඳහා ප්‍රධාන හේතුව රසායනික පොහොර භාවිතය බව කීසිදු විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් නොමැතිව පවසන ආණ්ඩුව මේ වන විට සහල් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ආනයනික සහල් සම්බන්ධයෙන් අදහස් දක්වන ‍ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අවධාරණය කරන්නේ ආනයනික සහල් පිළිකා කාරක විය හැකි බවයි.

එබැවින් ආණ්ඩුව තීරණය විහිළු සහගත එකක් බව ද ඇය පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය තුළ බත් කන ජනතාව දැඩි අසරණභාවයට පත්ව තිබෙනවා.

About The Author