Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අප සමඟ යන්න රනිල් ලෑස්ති නම් සහය දෙනවා, කොන්දේසි එකඟතා ජනතාවට කියන්න බෑ – මහින්ද දැනුම්දෙයි (Video)

එළඹෙන ජනාධිපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීම හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දී තිබෙනවා.

පසුගියදා මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදින් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු සඳහන් කර ඇත්තේ පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත්කරනවාද නැති නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙනවා ද යන්න මේ දක්වා අවසාන වශයෙන් තීරණය කර නොමැති බවයි.

කෙසේවෙතත් ඉදිරිපත්කරන අපේක්ෂකයා බලගතු අපේක්ෂකයෙකු බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීම සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් හෝ එකඟතාවයක් තිබේද යන්න මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කර ඇති අතර එහිදී රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂය සමග ඉදිරියට යාමට කැමති නම් ඔහුට සහය ලබාදෙන බවයි.

එහිදී ඇතිකර ගන්නා කොන්දේසි කවරේදැයි මාධ්‍යවේදියා එහිදී නැවත ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙන්නේ එම කොන්දේසි ජනතාවට ( මාධ්‍යයට) කීමට නොහැකි බවයි.

About The Author