Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“අපි සටන් වැදුනේ මනුෂ්‍යත්වයේ ජයග්‍රහණය වෙනුවෙන්” – යුධ විජයග්‍රහණයේ 12 වන වර්ෂ පුර්ණය දා භුමියේ සෙන්පතිවරයා මතකය අවදි කරයි

ශ්‍රී ලංකාවේ රණවිරුවන් LTTE සංවිධානය සමඟ සටන් වැදුනේ මනුෂ්‍යත්වය ජයග්‍රණය කරවීම වෙනුවෙන් බව හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

යුධ විජයග්‍රහණයට වසර 12 ක් සපිරෙන අද (19) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කිරීම විශේෂත්වයක්.

යුධ ජයග්‍රණය වෙනුවෙන් රණවිරුවන්ට ආශීර්වාද එක්කළ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම, එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද කෘතවේදීව සිහිපත් කරමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ LTTE සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමක් බව මවා පෑමට ඇතැම් දේශපාලකයින් දරන උත්සාහය විහිළුවක් බවයි.

අද මේ මොහොත වන විට උතුරේ මෙන්ම දකුණේ ජනතාව සමගියෙන් ජීවත් වන්නේ වීරෝධාර රණ විරුවන් සිදුකළ අපරිමිත කැප කිරීම් නිසා බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

About The Author