මහජන විරෝධතා කරුවන් ලෙස පෙනී සිටිමින් ඇතැමුන් දේශපාලන වෛරය පිරිමසා ගැනීමේ පටු උත්සාහයක නිරතව සිටින බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කීපදෙනකුම අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහත්වරුන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අදහස් පළ කරනු දක්නට ලැබුණා.
රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ මෙලෙස කටයුතු කිරීමෙන් ජනතා පරමාධිපත්‍ය බලය හෑල්ලූවට ලක් වන බවයි.
කාංචන විජේසේකර මහතා සඳහන් නිවස වටකොට පහර දෙන විට ඉවසීමෙන් සිටින්නේ කිසිවෙකුට හෝ බියෙන් නොවන බවයි.
පොලිසිය ආරක්ෂාව තහවුරු නොකරන්නේ නම් මන්ත්‍රීවරුන් පුද්ගලිකව තම ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා අවශ්‍යය ක්‍රමවේදය අනුගමනය කරන බව ද ඔහු සඳහන් කළා.
රොෂාන් රණසිංහ මහතා ද පැවසුවේ තම ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා තමන්ම කටයුතු කිරීමටය සූදානම් බවයි.
එහිදී පොලිස්පතිවරයාගේ සහ පොලිසියේ කාර්යභාරය ද ඔහු විසින් විවේචනයට ලක් කළේ පසුගියදා ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය නිසි අයුරින් මැදිහත් නොවූ බව පවසමින්
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි