නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් සුළු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිරෝධායන සඳහා යොමු කළ මෝස්තර නිරූපණ ශිල්පිනී පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් මහත්මිය විසින් සිදුකරන ප්‍රකාශයක් සමාජයේ විශාල අවධානයක් හිමි කරගෙන තිබෙනවා.
එහිදී ඇය සඳහන් කරන්නේ මෙරට ඇතැම් පුද්ගලයන් සහ ආයතන සඳහා නිරෝධායන නීති බල නොපැවැත්වෙන බවයි.
ඇතැම් ආයතන නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් විවිධ උත්සව සහ වැඩසටහන් සංවිධානය කළ බවත් ඒ සඳහා සහභාගී වූ බොහෝ පිරිසකට කොරෝනා අසාදනය වූ බවත් පවසන ඇය ඒ පිළිබඳව එම ආයතනවල කටයුතු කරන නිවේදකයින් නොදන්නා ලෙස සිටීම ලැජ්ජාවට කරුණක් බවද පවසන්නේ ගමේ බාසාවෙන්ම කියනවනම් එම නිවේදකයන්ට අම්මා මෝ නැතිව බැන වදිමින්.
තමන් කුඩු විකුණා හෝ මිනිමරා නොමැති බවත් පෙන්වා දෙන පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් මහත්මිය සඳහන් කළේ නාට්ටාමි නිවේදකයෙකු විසින් මේ කරුණ හරා අවුස්සමින් අධිකරණයෙන් ඇප ලබා සිටි තමන් ඇතුළු පිරිස නැවත අත්අඩංගුවට ගැනීම සඳහා පාඩුවේ සිටි පොලිසිය මෙහෙයවූ බවයි.
මෙය අදාළ මාධ්‍ය ආයතනය විසින් හිතාමතා සිදුකළ දෙයක් බවත් එම ආයතනයට සම්බන්ධ පුද්ගලයෙකු තමන්ට සිදු කළ බලපෑම් සම්බන්ධයෙන් නිරෝධායනය අවසන් කොට පැමිණි වහා හෙළිකරන බවත් ඇය සඳහන් කළා.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්