Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අනුරපුර සහ වැලිකඩ බන්ධනාගාරවල බීමතින් නැටු පිස්සුවත් ජාත්‍යන්තරයේ පත්තු වෙයි – ඇමති ලොහාන් කොටුවෙයි

වහා තනතුරුවලින් ඉවත්වන ලෙස බලපෑම්

පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබැගෑනියක් ඇති කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුලූ පිරිසක් බව මේ වන විට හෙළිව තිබෙනවා.

අනුරාධපුර බන්ධනාගාරයට පැන සිරකරුවන් දණගස්වලා

ඒ ආකාරයෙන්ම ඔහු පසුගිය ඉරිදා සවස අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රඳවා සිටින කොටි සැකකරුවන් දෙදෙනකු ආයුධ පෙන්වා ඔහු ඉදිරියේ දණ ගස්වා ඇති බවද වාර්තවනවා.

මෙම තොරතුරු දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රන් පොන්නම්බලම් මහතා ද තහවුරු කර ඇත්තේ ට්විටර් සටහනක් තබමින්.

ඔහු පවසන්නේ ලොහාන් රත්වත්තේ මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. එසේ නොවේ නම් රජය විසින් ඔහුගේ සියලුම ධුරයන් අහෝසි කළ යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් නෙරපා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහුට එරෙහිව නඩු පවරන ලෙසත් දෙමළ ජාතික සන්ධානය ද රජයෙන් ඉල්ලා සිටිනවා.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණ ඇති රථය පදවා ගෙන පැමිණ ඇත්තේ මෑතකදී පැවති ආන්දෝලනාත්මක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාවක බව ද එම වර්තාවනවා.

කෙසේවෙතත් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති සිදුවීම් කිසිවක් සිදුවී නැති නිසා ඒ පිළිබදව අදහස් දැක්වීමේ අවශ්‍යතාවයක්ද නැති බවයි.

වැලිකඩ බන්ධනාගාරයට බීමතින් ගොස් එහි කලබැගෑනියක් ඇති කළ රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනක රාත‍්‍රියේ රුවන්වැලි මහා සෑයට ද බීමතින් ගොස් ඇතුළුවීමට උත්සාහ දරා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් ඊයේ සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිචාර දක්වයි

මේ අතර රජයේ අමාත්‍යවරයෙකු බන්ධනාගාරය තුලදී සිරකරුවන් දණ ගැසීම සිදුවීම හෙලා දකින බව
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය නිවේදනය කරනවා.

ශ්‍රිලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය තම ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් සඳහන් කරන්නේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් බවයි.

ඒ සඳහා මැන්ඩෙලා ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවද ඇය සඳහා කරනවා.

අදාල සටහන මෙසේය.

About The Author