වෙසක් උත්සවය නිමිත්තෙන් 26 සහ 27 දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.
ඒ අනුව 26 හා 27 දෙදින සියලුම සුරා සැල්,සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙවි සැල් වසා දැමිය යුතු අතර සුපිරි වෙළඳ සැල් ඔස්සේ මත්පැන් අලෙවිය මෙන්ම මස් මාංශ අලෙවි කිරීම නතර කරන්න ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
සංචරණ සීමා කාලයන්ට අදාළව දැනටමත් සුරා සැල් වසා තබන්නැයි රජය විසින් නියෝග කර තිබෙන අතර වෙසක් උත්සවයට සමඟාමීව හෙට සහ අනිද්දා මස් මාංශ අලෙවිය ද මුළුමනින්ම නවතා දැමිය යුතු බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට සංචරණ සිමා පනවා තිබෙන අතර මේ හේතුවෙන් දිවයිනේ සියලුම වෙළඳසැල්, සුරාසැල් ආදිය ද වසා තිබෙනවා.
ඇතැම් සුපිරි වෙළඳසල් හරහා පමණනක් ජනතාව දුරකථන ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන ඇනවුම් සඳහා භාණ්ඩ නිවෙස් වලටම බෙදා හැරීම සිදු කරන නමුත් ජනතාවට වෙළඳසල් වලට ගොස් මස් මාංශ හෝ මත්පැන් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට